hit counter

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

2022 ජූලි 28, ප.ව. 1:19



ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් තවත් පත්කිරීම් දෙකක් සිදු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා සහ මහාචාර්ය ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරු ලෙස පත් කර තිබෙනවා.

මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (මාධ්‍ය) ලෙසත්, මහාචාර්ය ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (ජාත්‍යන්තර මාධ්‍ය) ධුරයේත් පසුගියදා සිය රාජකාරී ආරම්භ කර තිබෙනවා.

කැලණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති සහ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති ඔහු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කළ අයෙක්.

ජාත්‍යන්තර මාධ්‍ය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයට පත්කර ඇති ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය මෙරට රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල අත්දැකීම් රැසක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන අතර විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ධුරය ද හෙබවූවා.

ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස හා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය ලෙස ජිනීවා සහ නිව්යෝර්ක්හි කටයුතු කළ ඇති අයෙක්.