hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 27, පෙ.ව. 7:14



රාජ්‍ය ආයතන වෙත සහ පෞද්ගලිකව ලැබෙන මහජන සෞඛ්‍ය ප්‍රශ්නවලට විසඳුම් දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ස්ථාපිත “සුව සවන සේවාව” සඳහා 1907 ක්‍ෂණික ඇමැතුම් අංකයක් හඳුන්වාදී තිබෙනවා.

ජනතාවගේ සෞඛ්‍ය සේවාවට අදාළ දුක් ගැනවිලි, අදහස්, යෝජනා පිළිබඳව සොයා බලා විසඳුම් ලබාදෙන යාන්ත්‍රණයක්ද මේ හරහා ක්‍රියාත්මක කෙරෙනවා.

“සුව සවන සේවාව” වෙත ලැබෙන ජනතාවගේ සෞඛ්‍ය ගැටලු අදාළ රේඛීය අමාත්‍යාංශ වෙත සහ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත යොමුකර, කඩිනමින් විසඳුම් ලබාදීම සිදුකරන බව, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා පුවත්පතකට පවසා තිබෙනවා.

suwasawana@health.gov.lk ඊමේල් මඟින් සහ 0707907907 වට්ස් ඇප් අංකය මඟින්ද සෞඛ්‍ය ප්‍රශ්න ගැටලු යොමුකළ හැකි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.