hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 අප්‍රේල් 10, පෙ.ව. 12:00



අද (10) දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් අද (10) දිනයේ හිරු මුදුන්වන ප්‍රදේශ දැනුම් දී තිබේ.

ඒ අනුව, අද දින දහවල් 12:11 ට හත්තිකුච්චි, කලංකුට්ටිය, හල්මිල්ලෑව, ඉපලෝගම, පලුගස්වැව, හබරණ යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

මේ අතර, බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: