hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 අප්‍රේල් 20, පෙ.ව. 1:13



නැගෙනහිර, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක යන දිස්ත්‍රික්කවලත් දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක් අද (20) දිනයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින්, වැඩිහිටි රෝගී පුද්ගලයින්, කුඩා දරුවන් මෙන්ම එළිමහනේ කටයුතුවල නිරත පුද්ගලයින් ද උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් වඩාත් විමසිල්ලෙන් පසු විය යුතු බව සඳහන්.

එම නිවේදනය පහතින්,

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පහත පියවර දැඩි අවධානයෙන් අනුගමනය කරමු.

1. පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)
2. පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම
3. පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම
4. හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම
5. එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම
6. වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම

මෙම අවදානම් තත්ත්වය උද්ගතව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල (විශේෂයෙන් බටහිර හා දකුණුදිග වෙරළ තීරයන් හි) පවතින අධික වියළි කාලගුණයත් සමග උෂ්ණත්වය වෙනදාට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමඟයි.