hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 07, ප.ව. 1:46



කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගයක් මේ දිනවල පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ රෝගය පහසුවෙන් පැතිර යන අතර එක් වරක් වැලඳුණු දරුවන්ට යළි වැළදීමේ හැකියාව ද පවතින බවයි.

“සමහර වෙලාවට සුදු වතුර පිරුණු බිබිලි වගේ හැදෙනවා. කටේ රතු ලප එන නිසා ඒ දරුවන්ට කෑම අරුචියක් සහ අසහනකාරී තත්ත්වයක් ඇති වෙනවා. උණ ඇතිවෙනවා සමහර අයට. ඊට අමතරව මේ බිබිලි සමහර අයගේ කසනවා. මේක ඉතාම පහසුවෙන් දරුවෙකුගෙන් දරුවෙකුට බෝවෙන්න පුළුවන්. මේක වෛරස් එකක්. ” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

ඇතැම් දරුවන්ගේ අත්, පා සහ මුඛ්‍ය තුළ තුවාල ඇති විය හැකි බව ත් එසේ වුවහොත් ආහාර ගැනීම අපහසුතාවක් ඇතිවිය හැකි බවත් ඔහු පැවසුවා.

එමෙන් ම, ආහාර අරුචිය ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළා.

ඔහු සඳහන් කළේ, මෙය මාරාන්තික රෝගයක් නොවුණ ද ඇතැම් දරුවන්ගේ කලාතුරකින් නියපොතු ගැල වී යා හැකි බවයි.

කෙසේ වෙතත්, එම නියපොතු යළි වර්ධනය වන බව ඔහු පෙන්වා දුන්නා.

එමෙන් ම, එම දරුවන්ට මාත්‍රාව අනුව පැරසිටමෝල්, ස්වභාවික දියර ආහාර සහ සින්ක් සහිත අහාර ලබා දිය යුතු බව වෛද්‍යවරයා පෙන්වා දුන්නා.