hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 16, පෙ.ව. 1:18



අලුත් අවුරුද්දට ගම්බිම් බලාගිය බොහෝ දෙනෙකු අධිවේගී මාර්ග භාවිත කරමින් අද (16) යළි කොළඹට පැමිණීමට නියමිතයි.

කෙසේවෙතත් සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ මේ වසරේ ගතවූ කාලය තුළදී අධිවේගයේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් සිදුවී ඇති අනතුරු ගණන 856ක් බවයි.

අධිවේගී මාර්ග භාවිතය ඉහළයාමත් සමග දිනෙන් දින එම මාර්ගවල සිදුවන අනතුරු ද ඉහළයාම සැලකිය යුතු කරුණක්. 

මාර්ග සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2022 දී පමණක් සිදුව ඇති ඇති අධිවේගී මාර්ග අනතුරු සංඛ්‍යාව 1,675ක්.

එම අනතුරුවලින් පුද්ගලයින් 13 දෙනෙකුට දිවි අහිමිවී ඇති අතර තවත් 25 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

තත්ත්වය මෙසේ තිබියදී මේ වසරේ අප්‍රේල් මාසය දක්වා ගෙවුණු මාස තුනහමාරට අයත් කාලයේදී පමණක් සිදුව තිබුණු අධිවේගී මාර්ග අනතුරු සංඛ්‍යාව 856ක්.

ඉන් 6 දෙනෙකු මියගොස් තිබුණු අතර තවත් 14 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

අධිවේගී මාර්ග අනතුරු ඉහළයාමට හේතුවී ඇත්තේ, වාහනයේ තත්ත්වය පිළිබඳව රියදුරා සතුව මනා අවබෝධයක් නොමැතිකම බවද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පැවසුවා.