2023 අප්‍රේල් 16, පෙ.ව. 3:16
උදාවූ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අදට (16) යෙදී තිබෙනවා.
ඒ අනුව අද පූර්ව භාග 9.41 ට රතු සහ කහ මිශ්‍ර තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත්ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් ගා ස්නානය කිරීම යෝග්‍ය බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ.
මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය බියගම – හෙයියන්තුඩුව පුරාණ රජමහා විහාරයේදී පැවැත්වෙනවා.
මේ අතර, අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාම හෙට (17) පූර්ව භාග 6.28 ට යෙදී තිබෙනවා.
සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම සුදුසු බවයි නැකැත් චාරිත්‍රවල සඳහන් වුණේ.
මෙවර අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත අප්‍රේල් 20 වනදා පූර්ව භාග 6.38 ට යෙදී තිබෙනවා.
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:22
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:15