hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2026 ජූනි 04, ප.ව. 1:06



අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (03) දින ඇති වූ දරුණු ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

ඒ අනුව එම ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 06 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය, හොරණ මහෙස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ විසින් අද (04) දින පෙරවරුවේදී එම ස්ථානයට පැමිණ සිදු කරනු ලැබීය.

එම අවස්තාවේදි ගින්නට හසුව පිළිස්සී තිබූ මළ සිරුරු මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පිටතට ගැනීමට කටයුතු කෙරුණු අතර එම සිරුරු අතර තිබී ගින්නට හසුව මියගිය පූසෙකුගේ සිරුරක් ද හමු වී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී මෙම වැඩිහිටි නිවාසයේ පුද්ගලයන් 71 දෙනෙකු නවාතැන් ගෙන සිට ඇති අතර එම ගින්න හටගත් අවස්ථාවේදීම පුද්ගලයන් 10 දෙනෙකු ගොඩනැගිල්ල තුළදීම පිළිස්සී මියගොස් ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: