hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 13, පෙ.ව. 7:20



කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය රෝහල ගිලන් රථ වලට අවශ්‍ය ඉන්ධන නොමැති වීම මත සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යාම දැඩි ගැටළුවක් බවට පත්ව තිබෙන බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් ඇතැම් රෝගීන්ගේ ජීවිත පවා දැඩි අවදානම් තත්ත්වයට පත්ව තිබෙනවා.

විශේෂ පරීක්ෂණ වලට වෙනත් රෝහල් කරා යොමු කිරීමට නියමිත අසාධ්‍ය තත්ත්වයේ පසු වන රෝගීන් ගිලන්රථ වලින් ගෙන යාමට මෙනිසා බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම විදුලිය විසන්ධි වූ අවස්ථාවලදී විදුලි ජනන යන්ත‍්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ද නොමැති වීමෙන් ඉදිරියේදී රෝහල් අඳුරේ පැවතීමේ අවදානමක් ඇතිවිය හැකි බවද සේවක සෞඛ්‍ය සේවකයන් කියා සිටිනවා.

කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ මෙවන් ගැටලුවක් නිර්මාණය වී ඇති බවත් ඒ පිළිබඳව දැනටමත් අදාළ සියලූ අංශ දැනුවත් කර ඇති නිසා වසර අවසානයට පෙර ගැටළු විසදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.