hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 14, පෙ.ව. 10:55



පවතින ඖෂධ හිඟය හේතුවෙන් ජනතාව පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

මේ අතර සැත්කම් පිළිබඳ නිවේදනය ඖෂධ හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය එකමුතුව කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිටදී ඊයේ විරෝධතාවක් පැවැත්වුවා.

ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් සිය අදහස් මෙසේ දක්වා සිටියා.

“අපේ එක්කෙනාට දෙසැරයක් දින දීලා මේ සැරේ හොඳටම අමාරු හින්දා කරා. හුඟක් දෙනෙකුට ඇරියා ආපහු හරෝලා.”

“හම්බුනා පැනඩෝල්. සල්ලි නැහැ. දැන් බස් එකේ යන්නෙත් බොහොම අමාරුයි. ඇඟිලි කපන්න දොස්තරවරු නැහැ. දවස් ගාණක් ඇවිල්ලා ආපහු යනවා මේ.”

“මගේ ලෙඩා වාට්ටුවේ හිටියේ. ලේ බලන කටුවේ හිටන් මට අරන් දෙන්න වුනා.”

“හැම ලෙඩාටම ඒක පොදු නෑ. හැබැයි සමහර අය සම්බන්ධයෙන් විතරයි මේ බෙහෙත් නැති ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මගෙත් ලෙඩෙක් ඉන්නවා. මේ. දැන් දවස් දහයක් විතර එකේ හිටියා. බෙහෙතක් අපි සල්ලි වලට ගෙනාවේ නැහැ. කිසිම දෙයක්.”

“බෙහෙත් ටික නැහැ. බොන්න මට. මම පිළිකා ලෙඩෙක්. කොහොමද ඉන්නේ මහත්තයෝ.”