hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 14, පෙ.ව. 11:15



රටේ ඖෂධ හිඟය තවත් දරුණු වෙමින් ඇති බව පාර්ශව රැසක් අද සඳහන් කළා.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග එකසිය පනහක් පමණ මේ වන විට හිඟ බවයි වෛද්‍ය වෘත්තීය සංගම් පවසන්නේ.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“හදිසි අනතුරු සේවා ඖෂධවල සිට පිළිකා නාශක ඖෂධ දක්වා වෙච්ච විශාල පරාසයක ඖෂධ හිඟවීමකට ලක්වෙලා තියෙනවා. මේ මාසය තුළ බොහෝ තොග ප්‍රමාණයන් අවසන් වෙමින් තියෙනවා. නාසය මාර්ගයෙන් ඇතුළු කරන බට, මුත්‍රා බට වර්ග, ලේ ගන්න අවශ්‍ය නීඩ්ල් වර්ග මේ හැම එහෙකම දැවැන්ත හිඟයක් තියෙනවා. විශේෂයෙන්ම සුසුම්නාව ආශ්‍රිත ශල්‍යකර්ම කරන්න අවශ්‍ය වෙන ඒ ස්ක්රීයුස් ඇණ ඒ උපකරණ දැවැන්ත හිඟයක් තියෙනවා. ඒ නිසා මේ වෙනකොට සුසුම්නාව ආශ්‍රිත ශල්‍යකර්ම බොහෝ රෝහල්වල නතර වෙලා තියෙනවා.”

පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති හේමන්ත විජේසේකර මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ මිලදී ගැනීම සඳහා, වෙන් කරපු මුදල සීයට පනහකින් කප්පාදු කරලා තියෙනවා. එතකොට මේ මොහොත වෙනකොට රට පුරා ම නිර්වින්දන ඖෂධවල අති විශාල හිඟයක් තියෙනවා.”

සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ විධායක සභික චලිත් ලක්මාල් මෙසේ අදහස් දක්වා සිටියා,

“ජාතික රෝහලේ රුධිරයේ කාට ගැසීම නවත්තන්න අපි දෙනවා හෙපරින් කියන ඖෂධය. මේ ඖෂධය තියෙනවා. ශල්‍යකර්ම ඉවර වෙලා රුධිර ගැටගැසීම නැවතත් යථා තත්වයට පත් කරන එකට අවශ්‍ය ඖෂධය මේ වෙනකොට නැහැ. ප්‍රධාන වශයෙන් වේදනා නාශකයක් භාවිතා වෙනවා. උදරයට ඇතිවෙන අසාත්මිකතාවයන් වළක්වන්න ඊළඟට දෙනවා අපි දෙනවා ෆැමොටිඩින් කියන ඖෂධය. ඒවා ප්‍රමාණවත් නැති වෙනකොට ශල්‍යකර්ම සීමා කරලා තියෙනවා. එතකොට බුෆියොකින් කියන ඖෂධය, ප්‍රෆොකොල් කියන නිර්වින්දන ඖෂධයත් මේ වෙනකොට යම්කිසි සීමා සහිත වූ ප්‍රමාණයක් තොග තමා දැනට පවතින්නේ රෝහල් පද්ධතිය තුල. පරීක්ෂණ පවා කරද්දී වේදනාව නැති කරන්න අපි දෙන ඖෂධ දැනට රෝහල් පද්ධතිය තුළ නැහැ.”