hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 13, ප.ව. 12:34



රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය සහ තවත් ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (13) උදෑසන 8.00 සිට හෙට (14) උදෑසන 8.00 දක්වා ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් දික්ඔය මුලික රෝහල සහ බගවන්තලාව ප්‍රාදේශිය රෝහල් පාළුවට ගොස් ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

වෛද්‍ය වැඩවර්ජනය පිලිබදව කල් තියා දැනගත් රෝගීන් විශාල පිරිසක් ප්‍රතිකාර ලබා ගැනිමට රෝහල් වලට පැමිණිමෙන් වැලකි සිටි අතර වර්ජනය පිළිබඳව නොදත් රෝගීන් පිරිසක් දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණ සිටි බව සඳහන් වෙනවා.

එම රෝහල් වල හදිසි ප්‍රතිකාර පමණක් සිදු කරන වෛද්‍යවරුන් පැවසුවා.

වෛද්‍යවරුන් වැඩවර්ජනයේ නිරතව සිටින රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට වර්ජනයේ නිරතව සිටින වෛද්‍යවරුන් පියවර ගෙන තිබෙනවා.

හැටන් – රංජිත් රාජපක්ෂ