hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 09, ප.ව. 3:13



රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම හඳුන්වා දීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශීකයින්ට ද රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින්.

අදාළ ගෙවීම් සම්බන්ධයෙන් යම් යම් සංශෝධන සිදුකිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළා.

මේ වන විට ජාතික රක්ෂණභාර අරමුදල මඟින් රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයින් සඳහා සෞඛ්‍ය රක්ෂණ ආවරණ (අග්‍රහාර) සලසා ඇති අතර, තවත් සැලකිය යුතු පුරවැසියන් සංඛ්‍යාවක් වෙනත් සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රම මඟින් ආවරණය ලබා ගෙන තිබෙනවා.

එසේම, රජයේ සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ අමතර පහසුකම් වෙනුවෙන් පෞද්ගලිකව මුදල් ගෙවා එකී පහසුකම් ලබා ගැනීමට ඇතැම් පුරවැසියන් කැමැත්තෙන් සිටින බවත් ඒ අනුව, ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශිකයින්ට ද රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බවත් රජය සඳහන් කරනවා.