hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 01, පෙ.ව. 10:19



මෙරට රෝහල් ගණනාවකම යන්ත්‍ර සූත්‍ර අක්‍රිය වීමෙන් අර්බුධ රැසක් නිර්මාණය වී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයින්ගේ සංගමය පවසනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“ජාතික රෝහලේ ඒකකය වහලා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරීක්ෂණ හැත්තෑවක් කරන්නේ නැහැ. ජාතික රෝහලේම ක්ෂුද්‍ර ජීවී ඒකකයට ජීවානුහරණ යන්ත්‍රයක් නැති හින්දා ඒ රෝහලේම සේවකයෝ විශේෂ රෝගයකට වෙලා තියෙනවා. ළමා රෝහලේ වකුගඩු ක්‍රියාකාරීත්වය මනින යන්ත්‍රය කැඩිලා මාස තුනකට වැඩි කාලයක් ඒ පරීක්ෂණ කරන්න බැහැ. ඒ වගේම මහනුවර පිළිකා ඒකකයේ ලිනියා ඇක්සිලේටර් යන්ත්‍රය වැඩ කරන්නේ නැහැ. ඒකේ තියෙන සිසිලන පද්ධතියේ ප්‍රශ්නයක් හින්දා අපි ගත්තොත් ජාතික රෝහලේ ඒකකයේ ප්‍රශ්නයෙන් විතරක් මේ වෙනකොට ලෙඩ්ඩු 1500කට වඩා හදවත් සැත්කම් කරගන්න බැරුව තමන්ගේ දිනය ප්‍රමාද කරලා තියෙනවා. එතකොට මේකෙන් පෝලිමට එකතු වෙන අය ජීවිතය පිළිබඳව ගැටලුවකට මුහුණ දෙන්නේ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරීක්ෂණ හැත්තෑවක් කරන්නේ නැහැ කියන්නේ මේ රටේ කීයක් රෝගීන්ගේ රෝග හොයාගන්න බැරුව මිය යනවද?”