hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 16, ප.ව. 9:55



රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද (16) පෙරවරු 8.00 සිට දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.

ඒ ඖෂධවේදීන් 23 දෙනෙකුට ලබාදී ඇති ස්ථාන මාරු කිරීම් වලට එරෙහිවයි.

රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“මොවුන් අත්තනෝමතිකව ලෙස එම ඖෂධවේදීන් එහෙයින් ඉවත් කිරීම හේතු කොට ගෙන රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ලෙස දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය ආයතනවල ආරම්භ කරන ලද මෙම වැඩ වර්ජනය හෙට උදේ අට වෙනකන් පැය විසි හතරක් පුරා අඛණ්ඩව පැවැත්වෙනවා. ඉතින් ඒ සඳහා දැන් විසඳුම් දිය හැක්කේ සෞඛ්‍ය ඇමතිතුමාට, ජනාධිපතිතුමාට පමණයි. ඒ නිසා අපි ලබන අඟහරුවාදායින් පස්සේ, අනෙකුත් සමිතිත් සම්බන්ධ කරගෙන අනිවාර්යෙන් අඛණ්ඩ ක්‍රියාමාර්ගයකට යනවා.”

හෙට උදෑසන අට දක්වා ක්‍රියාත්මක වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ රෝහල් සඳහා පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වුණා.

ඔවුන් ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“බෙහෙත් තියාගත්තා. බෙහෙත් දෙන්නෑ.ස්ට්‍රයික් කියලා කියනවා.බෙහෙත් ගන්නවත් සල්ලි නෑ. මං අංශභාගේ ලෙඩෙක්.”

“එයාලා කිව්වේ ඉතින් ගන්න පුළුවන් කට්ටිය ෆාමසියෙන් ගන්න කිව්වා. නැත්තං කොලේ අපරාදේ කියලා හෙට ඇවිල්ලා අරන් යන්න කියනවා.”

“සල්ලි තියෙනවා නම් අපි එන්නෑනේ බෙහෙත් ගන්න. නැති තුන්ඩුව අරගෙන ගෙදර යන්න ඕනි අපි. බෙහෙත් ටික නැතුව.”

“මුංව එළවන්න ඕනේ ඔක්කොම තියෙන ටික. මේවා ප්‍රයිවට් කරන්න ඕනේ එතකොට තමයි හරියන්නේ.”

“මේ කරන දේවල් වලට මුන්ට හෙන හත ගහන්න ඕනි. වැඩක් නෑ මහත්තයෝ කියලා. මුංව ගහලා එලවන්න ඕනි. අපි නිකං පෝලිමේ රස්තියාදු වෙනවා විතරයි.”