hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2023 ජූනි 20, පෙ.ව. 10:21



අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එක් වෛද්‍යවරයෙකු තුවාල ලබා එම රෝහලටම ඇතුළත් කර තිබෙනවා.

රාජකාරි සම්බන්ධයෙන් ඔවුන් අතර ඇති වූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් ඊයේ දහවල් මෙම ගැටුම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ කාර්යාලය ආසන්නයේ ගැටුම සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් පිරිසක්ද එම ස්ථානයේ රැඳී සිට ඇති බවටයි වාර්තා වන්නේ.