hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 14, පෙ.ව. 7:11



අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේ වන විට පවතින බරපතළ ඖෂධ හිඟය හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය තුලාන් සමරවීර මහතා පෙන්වා දෙන්නේ රට පුරා පවතින ඖෂධ හිඟය මෙන්ම ඉන්ධන ගැටලුව හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන ගැටලු මෙම තත්ත්වයට බලපා ඇති බවයි.

පවතින ඖෂධ හිඟයත් සමඟ අත්‍යවශ්‍ය ශල්‍යකර්ම පවා සිදු කරගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා උතුරුමැද, උතුර, නැගෙනහිර, වයඹ ඇතුළු පළාත් කිහිපයක ජනතාව විශාල සංඛ්‍යාවක් දෛනිකව පැමිණෙන බවද වාර්තා වෙනවා.

නමුත් මේ දිනවල රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ පවා ප්‍රමාණවත් නොවන බවයි රෝහලේ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වයත් සමඟ බොහෝ ඖෂධ ඔසුසැල්වලින් මිලදී ගැනීමටයි රෝගීන්ට සිදුව ඇත්තේ.

නමුත් එම ඖෂධවල මිල ඉතා අධික වීමෙන් රෝගීන් දැඩි පීඩාවකට පත්ව සිටිනවා.