hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 15, පෙ.ව. 4:46



යළිත් අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් දිවයිනේ බොහෝ රෝහල්වල උද්ගත වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ මෙම තත්වය මත රෝහල්වල ශල්‍යකර්ම සිදු කිරීමට මේ වනවිටත් බාධා එල්ල වී ඇති බවයි.

ඒ අනුව රෝහල් රැසක පවතින ඖෂධ හිඟයට කඩිනමින් විසඳුමක් අවශ්‍ය බව ද එම සංගමය පෙන්වා දෙනවා.

එමෙන්ම අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තුලාන් සමරවීර මහතා සඳහන් කළේ රෝහලේ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර ඇති බවයි.

මේ අතර දඹුල්ල – නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුබ්බිලිය ග්‍රාමසේවා වසමේ පුද්ගලයන් 200 කට අධික පිරිසක් මේ වනවිට හඳුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බව එම ගම්වාසීන් ප්‍රකාශ කළා.

මෙම රෝගී තත්වයෙන් මේ වනවිටත් පුද්ගලයන් 32 ක් පමණ ගතවූ කාලසීමාව තුළ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.