hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:31



හෙද නිලධාරිනියන් කිසිවෙකුත් නැති හා ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැති ප්‍රාදේශීය රෝහල් ගණනාවක් මහනුවර දිස්ත්‍රික්කයේ තිබියදී හතරලියද්ද ප්‍රාදේශීය රෝහලේ අනුමත හෙද කාර්ය මණ්ඩලයට වඩා වැඩි පිරිසක් කලක පටන් සේවයේ නිරත වෙමින් අතිකාල පවා ගන්නා බව වාර්තා වෙනවා.

මෙම රෝහල සඳහා අනුමත හෙද කාර්ය මණ්ඩලය 04 ක් වන අතර මේ වනවිට එහි ප්‍රධාන හෙද සොහොරිය ඇතුළු හෙද නිලධාරීන් 10 දෙනෙකු සේවය කරන බව තොරතුරු පනත යටතේ කළ ඉල්ලීමකට පිළිතුරු ලබා දෙමින් මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා.

පසුගිය කොවිඩ් සමයේ ප්‍රවාහන සේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සානුකම්පිත ඉල්ලීම් සලකා බලා හෙද නිලධාරීන් ගණනාවකට ළඟම රෝහල වෙත තාවකාලික අනුයුක්තයක් ලබා දී තිබිණි.

හතරලියද්ද ප්‍රාදේශීය රෝහලට එලෙස අනුයුක්තිය යටතේ හෙද නිලධාරීන් පස් දෙනෙකු පැමිණ ඇත.

මේ අනුව රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ අතිරික්තයක් ඇතිව තිබිය දී ඇතැම් හෙද නිලධාරිනියන් අතිකාල පවා ලබා ගන්නා බව දැන ගන්නට තිබෙනවා.

තෙල්දෙණියේ සිට මෙම රෝහලට අනුයුක්තයක් යටතේ පැමිණ සිටි  හෙද නිලධාරිනියක් පරිපාලනය දැනුවත් නොකර  පසුගිය අප්‍රේල් මස සිංග්ප්පූරුවේ රැකියාවක් සඳහා ගොස් තිබිය දී ඇයට මාස තුනක කාලයක් වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

හතරලියද්ද ප්‍රාදේශීය රෝහලේ අනුමත සංඛ්‍යාව ද ඉක්මවා හෙද නිලධාරිනියන් සිටින්නේ මිණිපේ කොට්ඨාසයේ අඹගහපැලස්ස, බටුමුල්ල ප්‍රාදේශීය රෝහල් වල මේ වනවිට කිසිදු හෙද නිලධාරිනියක් නොමැති පසුබිමක වීම විශේෂ සිද්ධියකි.  

මේ රෝහල සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි නියෝජ්‍ය අධ්‍යක්ෂ සේවා අධ්‍යක්ෂවරයෙකු ඇතුළු කණ්ඩායමක් යොදවා පරීක්ෂණයක් සිදුකළ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසේකර මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවා.

සංඛ්‍යාත්මක රෝහලේ හෙද නිලධාරීන් ගේ සංඛ්‍යාව තරමක්  වැඩි බව පිළිගන්නා බවත් අතිකාල ලබා ගැනීම සීමා වී තිබෙන්නේ ද යන්න සම්බන්ධව සොයා බලන බවත් ඒ මහතා කියා සිටියා.

දැනට මධ්‍යම පළාතේ ක්‍රියාත්මක 2018 දී සකස් කරන ලද අනුමත කාර්ය මණ්ඩල සේවක සංඛ්‍යාව අනුව හතරලියද්ද රෝහල සඳහා අනුමත හෙද නිලධාරීන් සංඛ්‍යාව 04 ක් වුවත් එම පිරිසෙන් රෝහල් සේවා පවත්වාගෙන යෑම අසීරු බැවින්  06 දෙනෙකු පමණ එහි සිටිය යුතු බවත් අධ්‍යක්ෂවරයා පැවසුවා.

වාර්ෂික ස්ථාන මාරු වැඩපිළිවෙළ යටතේ මෙම රෝහලේ පමණක් නොව සෑම රෝහලකම වසර 06 කට වඩා වැඩි කාලයක් අඛන්ඩව සේවය කර තිබෙන සියලු දෙනා මාරු කරන බවත් ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: