2022 මැයි 12, ප.ව. 2:26
මීගමුව, කුරණ ප්‍රදේශයේ පිහිටි ග්‍රෑන්ඩීසා හෝටලයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් හෝටලයේ කටයුතු දින නියමයකින් තොරව අත්හිටුවීමට පියවර ගන්නා බවට එම හෝටලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ප්‍රහාරයෙන් හෝටලයේ කිසිදු සේවකයෙකුට අනතුරක් සිදුව නොමැති බවත් හෝටලය වෙන්කර ගත් සියලු පුද්ගලයින් සඳහා කඩිනමින් නැවත මුදල් ලබාදීමට කටයුතු සිදුකරන බවද එම පාලනාධිකාරය පවසයි.
මේ අතර ඇවෙන්රා හෝටල් සමූහයද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඉදිරි කාලය සඳහා ඇවෙන්රා ගාර්ඩ්න්ස් පරිශ්‍රයේ මංගල සහ අනෙකුත් විශේෂ දිනයන් සඳහා දින වෙන්කරවා ගත් පාරිභෝගිකයින් හට අදාළ වැඩිදුර තොරතුරු අළෙවි කලමණාකරුවන් දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ කරගනිමින් ලබා ගන්නා ලෙස අදාළ නිවේදනය මගින් ප්‍රකාශ කර තිබෙනවා.


2026 ජනවාරි 12, ප.ව. 5:48
2026 ජනවාරි 12, ප.ව. 12:46
2026 ජනවාරි 12, ප.ව. 12:31
2026 ජනවාරි 12, ප.ව. 12:15
2026 ජනවාරි 12, පෙ.ව. 11:46