2023 ජූනි 24, පෙ.ව. 8:35
මීගලෑව, වැලියාව ප්‍රදේශයේ තිබූ නිවසක් ඊයේ පස්වරුවේ මීගලෑව පොලිසීයේ නිළධාරීන් හා තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් පැමිණ උසාවි නියෝගයක් යැයි පවසා නිවැසියන් එලියට ඇද දමමින් JCB යන්ත්‍රයක් අධාරයෙන් කඩා දමා තිබෙනවා.
අනතුරුව එම භූමිය මහවැලි අධිකාරියට අයත් ඉඩමක් බවට පුවරුවක්ද දමා තිබෙනවා.
නිවසින් ඉවත් වන ලෙස පෙර දැනුම් දීමක් හෝ නිවස කඩා දැමීමට ලබා දී ඇති උසාවි නියෝගය හෝ තමන්ට නොපෙන්වා නිවසේ බඩු මුට්ටු සමඟම නිවස කඩා දැමීම අමානුෂික ක්‍රියාවක් බව නිවැසියන් හා ප්‍රදේශවාසීන් චෝදනා කර සිටිනවා.
වයස අවුරුදු 16ක පිරිමි දරුවෙකු හා අවුරුදු 08ක සහ 05ක ගැහැනු දරුවන් දෙදෙනෙකු සිටින මෙම පවුලට යාමට ඒමට තැනක් නොමැතිව දැඩි ලෙස අසරණ වී සිටින බවයි වාර්යිතා වන්නේ.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11