hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 මැයි 11, ප.ව. 8:52



ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මෝඛා සුළි කුණාටුව අද මධ්‍යම රාත්‍රිය වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා පවසනවා.

එම සුළි කුණාටුව පවතින මුහුදු කලාපයේ ධීවර කටයුතු වල නොයෙදෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා අද පෙරවරුව වන විට වර්ධනය වී තිබුණා.

එම සුළි කුනාටුව උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද මධ්‍යම රාත්‍රියේ දී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වන්නේ.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ හෙට එනම් මැයි 12 වැනිදා සවස් කාලය වන විට මෙය ඉතා චණ්ඩ සුළි කුනාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති බවයි.

එමෙන් ම උතුරු අක්ෂාංශ 3ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 85ත් 100ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ බහු දින ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.