hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 11:53



ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ ශම්මි සිල්වා මහතා තමන් ගැන නොදන්නා බව පැවසුවද තමන් ඔහු ගැනත් ඔහුගේ පියා ගැනත් හොඳින් දන්නා බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.

පළාත් පාලන මැතිවරණය ඇතුළු මැතිවරණ පිළිබඳව විශේෂ සාකච්ඡාවකට අද (20) උදෑසන මැතිවරණ කොමිසමට පැමණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළා.

අද සිට පලාත්පාලන මැතිවරනය පැවැත්වීමට මැතිවරන කොමිසමට බලය ලැබෙන බවත් එම මැතිවරනය පවත්වන ආකාරය පිලිබද සාකච්චා කිරීමට පැමිණි බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබන්ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටියා.

ඒ අනුව විපක්ශයේ ප්‍රධාන පක්ශය ලෙස මැතිවරණයක් ඉල්ලන බවද මහ ලේකම්වරයා පෙන්වා දුන්නා.

එම අවස්ථාවේදී නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා දැක්වූ අදහස් පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: