hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 21, ප.ව. 3:32



උප්පැන්න සහතිකය නොමැති වීම හේතුවෙන් ජාතික හැදුනුම්පත ගැනීමට නොහැකිව සිටින වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන්ට ජාතික හැදුනුම්පත නිකුත් කිරීමේ වැඩසටහනක් සකස් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසනවා.

ග්‍රාම නිලධාරී කොට්ඨාසයක ස්ථිර පදිංචිය සහිත, ඡන්දහිමි නාම ලේඛණයේ ලියාපදිංචි, උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැදුනුම්පතක් ලබාගෙන නොමැති වයස අවුරුදු 40 ඉක්මවූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි බවයි සපුතන්ත්‍රි මහතා ප්‍රකාශ කරන්නේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්‍රියාපටිපාටියට අනුව ඒ සඳහා කටයුතු කළ හැකි බව ද ඔහු සඳහන් කළා.

මේ පිළිබඳ වැඩි විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීන්ගෙන් ලබාගත හැකියි.

ඒ සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,