2023 ජූලි 24, ප.ව. 3:00
ගාල්ල ඔරොප්පුවත්තේ අත්හැර දැමූ දමා තිබූ වෙළඳසැලක තිබී ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, හිස් මුදල් පසුම්බි තොගයක් සොයාගත් බැව් ගාල්ල පොලීසිය පවසනවා.
මෙම අත්හැර දමා ඇති වෙළඳසැල ගාල්ල නගර සභාවට අයත් වන අතර එය පිරිසිදු කරමින් සිටි පිරිසකට ජාතික හැඳුනුම්පත් ඇතුළු ලියවිලි හමු වී ඇති බව පොලිසිය සඳහන් කළා.
ගැට කපන්නන් විසින් මුදල් පසුම්බි සොරකම් කිරීමෙන් පසු ඒවායේ තිබූ මුදල් රැගෙන ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍රය ඇතුළු ලියවිලි මෙම වෙළෙඳ සංකීර්ණයට විසි කොට දමා යන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.
ගාල්ල පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.






2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12