hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 01, පෙ.ව. 9:02



පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර සීතල යුද්ධය නව මුහුණුවරකින් යළි ආරම්භ වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

ඒ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ සේවා කාලය ජුනි 26 වැනිදා අවසන්වීමට නියමිත නිසා බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ඇතැමුන් පොලිස්පති ධුරය ලබා ගැනීම සඳහා දේශපාලන නායකයන් සමඟ සමීපව සම්බන්ධවෙමින් මේ දිනවල කටයුතු කරමින් සිටින බව දැනගන්නට තිබෙනවා. එසේ සහය ලබාගැනීමට උත්සාහ දරන පිරිසට ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු නිලධාරීන්ද සිටින බව වාර්තා වනවා.

සාමාන්‍යයෙන් පොලිස්පති ධුරය හිමි වන්නේ ජේෂ්ඨත්වය අතින් ඉහළින්ම සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටයි.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පොලිස්පති ධුරය සඳහා සුදුසු නමක් හෝ නම් කිහිපයක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරනු ලබනවා. ඉන්පසු ඒ සභාවේ අනුමැතියෙන් පසු සුදුසු නම ජනාධිපතිවරයාට නිර්දේශ කෙරෙන අතර ජනාධිපතිවරයා විසින් ඒ අනුව නව පොලිස්පතිවරයා පත් කරනු ලබයි.

පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයාගෙන් නමක් හෝ නම් තවමත් ලැබී නොමැති බවයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ආරංචි මාර්ග සඳහන් කළේ.

පොලිස්පති ධුරය සඳහා සුදුස්සකුගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ළඟදීම යොමු කරන බව රජයේ ආරංචි මාර්ග පැවසුවා.