hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 21, ප.ව. 6:29



ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ස්ථිර ණය පහසුකම් යටතේ ශ්‍රි ලංකාවට  අනුමත පළමු ණය වාරිකය ලබා දීමට සතුට පල කරමින් හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයන් අද (21) දින රතිඤ්ඤා දල්වමින් සතුට පල කරන අයුරු විවිධ ප්‍රදේශ වලින් වාර්තා වුණා.

රතිඤ්ඤා දල්වමින් සතුට පල කල හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයන් එම ණය මුදල ලබා ගැනිමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල කැපවිමක් කල බවත්, එම කැපවීම මත ඉදිරි මාස කිහිපය තුල රටේ ජනතාවගේ ඉහල ගිය ජිවන වියදම අඩු කිරීමට ජනාධිපතිවරයා ඇතුළු රජය කටයුතු කරන බවයි.

එක්සත් ජාතික පාක්ෂිකයන් රතිඤ්ඤා දල්වමින් සතුට පල කිරිම සම්බන්ධයෙන් හැටන් ප්‍රදේශයේ ඇතැම් ව්‍යාපාරිකයන් සහ ජනතාව කියා සිටියේ ණය මුදල ලැබිම සතුට කරුණක් වුවත්, ණයක් ලබාගෙන රතිඤ්ඤා දල්වමින් සතුටු වන එකම ජනතාව සිටින රට ශ්‍රි ලංකාව බවයි.