hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 25, ප.ව. 9:53



හැටන් නගර මධ්‍යයේ පිහිටි වාණිජ ගොඩනැගිල්ලක බැද තිබු බඹර කුඩුවක බඹරුන් ඇවිස්සි නගර මධ්‍යයෙන් ගමන් කල පිරිසකට එල්ල කල බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු පුද්ගලයන් දස දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

දින ගණනාවකට ප්‍රථම එම බඹර කුඩුව ගොඩනැගිල්ලේ බැද තිබු බවත්, එම බඹර කුඩුව ඉවත් කිරිමට නගර සභාව කිසිදු පියවරක් නොගැනිම හේතුවෙන් බඹරුන් ඇවිස්සි මාර්ගයේ ගමන් ගත් පාරිභෝගිකයන්ට පහර දුන් බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.

මාර්ගයේ ගමන් ගත් පිරිසකට බඹරුන් පහර දෙන අවස්තාවේ ඒ අසල පිහිටි පෞද්ගලික ආයතනක පිරිසක් ගිනි නිවන උපකරණයක් භාවිතා කරමින් බඹරුන් පලවා හැර තුවාල ලැබු පිරිස රෝහල් ගත් කිරිමට පියවර ගෙන තිබෙනවා.