hit counter

2026 ජූනි මස 24 වන බදාදා

2026 ජූනි 25, පෙ.ව. 12:28



පාස්කු ඉරුදින ප්‍රහාරය පල්ලි ගණනාවකට එල්ල වී ජීවිත 269ක් අහිමි වුවද කිසිදු පූජකවරයෙකුට ඉන් හානියක් නොවූ බව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

එම ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා කිසිවෙකු විරුද්ධ නොවන නමුත් විරුද්ධ වන්නේ එය ක්‍රියාත්මක කරන ම්ලේච්ඡ ආකාරයට බවද හෙතෙම අවධාරණය කරයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ අද චෝදනා එල්ල කරන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ, ඔහුට චෝදනා එල්ල කරන පූජකයන්ට වඩා මේ රටට විශාල සේවයක් කළ නිලධාරියෙකු බවද විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.

කොටි පරාජය කිරීමට සුරේෂ් සලේ වැනි විශිෂ්ට නිලධාරීන් ලබාදුන් බුද්ධි තොරතුරු අතිශය වැදගත් වූ බවත් තමන් පවසන්නේ ඔහු වරදක් කර ඇත්නම් නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස නොවන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: