hit counter

2026 ජූනි මස 24 වන බදාදා

2026 ජූනි 25, පෙ.ව. 12:24



මේ රටේ පියවරුන්ට දරුවන් තනිකර විදෙස් රැකියාවලට යෑමට සිදුවූයේ හිටපු පාලකයන් රට විනාශ කර ඔවුන්ට ලැබිය යුතුව තිබූ අවස්ථා අහිමි කළ නිසා බව නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

නි. ඇමතිවරයා මේ පැවසුවේ, ඔහු මැතිවරණයට පෙර තරුණයන්ට සිය බිරිඳ සහ දරුවන් අතහැර රට රැකියා සඳහා යෑමට සිදුවන බවට හඬා වැටෙමින් පෙන්වා දුන් ගැටළුවට විසඳුම් නව ආණ්ඩුව යටතේ ලබාදීමට සූදානම් දැයි සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ විමසූ අවස්ථාවේය.

ජනතාවට නව රැකියා අවස්ථා නිර්මාණය කරමින් මේ රටේ රැඳී සිටිය හැකි ආර්ථිකය ගොඩනැඟීම වසරකින් දෙකකින් කළ නොහැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

වසර 70ක් තිස්සේ විනාශ කළ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා තමන්ට අවුරදු 15-20ක් ගතවන බව පැහැදිලිවම ප්‍රකාශ කරන බවද චතුරංග අබේසිංහ අවධාරණය කරයි.

මේ වන විට කොරියා රැකියා සඳහා යන තරුණයන්ට සිය බිරිඳද රැගෙන යා හැකි වීසා ක්‍රමයක් සැකසීම ගැන සාකච්ඡා කරමින් ඇතැයිද එදා පැවති සංවේදිකම තවමත් එලෙසම ඇති බවද ඔහු ප්‍රකාශ  කරයි.

නි. ඇමති චතුරංග මේ බව ප්‍රකාශ කළේ දෙරණ වාදපිටිය වැඩටහනට එකතු වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: