hit counter

2026 ඔක්‍තෝබර් මස 07 වන බදාදා

2026 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:17



ළමා දිනය දවසේ සිංදුවක් කියලා ගෑනු ළමයෙක් වයිරල් වුනා මතකද ? මේ ළමයා දෙහිඕවිට ප්‍රදේශයේ පාසලකදී ඇය ගායනා කළ ගීත වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් කතාබහට ලක්වුණා. ඉතීම් මේ වීඩියෝවට හොද නරක දෙකම මේ ළමයට සමාජ මාධ්‍ය තුලින් නම් ලැබුනා . නමුත් ඒ කිසිම දෙයකින් නොසැලී, වයස අවුරුදු 17ක් වන අමාෂි තමන්ගේ සහජ හැකියාවෙන් රටම දිනන්න අද එකතු වෙලා ඉන්නවා. ඇය 2028 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන දක්ෂ සිසුවියක්.

ඇයගේ දෙමාපියන් ඉතීම් අනිත් අය වගේම සාමාන්‍ය පවුලක ඇයගේ පියා ත්‍රීවීල් රථ රියදුරෙකු ලෙසත්, මව තේ දළු නෙළමින් ජීවිතය ගැටගසා ගන්නා සාමාන්‍ය පවුලක්, ඉතීම් මේ පවුලේ දරුවෙකු වන අමාෂිගේ එකම බලාපොරොත්තුව කවදාහරි ජනප්‍රිය ගායිකාවක් වීමයි. පාසල් කාලයේදී ටවර් හෝල් නාට්‍ය තරගවල සීතාගේ චරිතය නිරූපණය කරමින් සමස්ත ලංකා ජයග්‍රහණ දක්වා ගිය ඇයගේ දක්ෂතාව අශේන් සෙනරත්න හදුනාගන්නව, ඉතීම් ඇයගෙන් කිසිදු මුදලක් අය නොකර සම්පූර්ණ මියුසික් වීඩියෝවක් නිර්මාණය කරදීමට අශේන් ඉදිරිපත් වෙලා ඉන්නවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: