hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 08, පෙ.ව. 7:53



නවීන තාක්ෂණයෙන් යුතු හැඳුනුම්පතක් නිකුත් කිරීම, සූර්ය බල විදුලි ව්‍යාපෘතිය හා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නෞකා සේවයක් ආරම්භ කිරීම යන ව්‍යාපෘති 3 කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා හා ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර පසුගිය සතියේ පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

නවීන තාක්ෂණයෙන් යුතු හැඳුනුම්පතක් නිකුත් කිරීමට අදාළව ඉන්දියානු රජය ආධාර කිරීමට කැමැත්ත පළ කර ඇති අතර ඊට අදාළ කටයුතු මේ වන විට සක්‍යතා මට්ටමේ පවතියි. එය කඩිනමින් ආරම්භ කිරීමට නියමිතයි. උතුරේ දූපත් තුනක සූර්ය විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත අතර එය කඩිනමින් ආරම්භ කිරීම ගැන ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ඊට අමතරව ඉන්දියාවේ රාමේෂ්වරම් හා තලෙයි මන්නාරම අතර පෙරි නාවුක සේවයක් ආරම්භ කිරීමට අදාළව සාකච්ඡා කර ඇති අතර කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරිකාල් අතර පෙරි සේවය ආරම්භ කිරීම අවසන් අදියරේ පසුවනවා.

මෙම කටයුතු හැකි ඉක්මණින් ආරම්භ කිරීම ගැන මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවයට පැමිණ තිබෙනවා.