hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 28, ප.ව. 2:46



චීන තානාපතිවරයා විසින් පළ කරන ලද අදහස් සිය අවධානයට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම කාර්යාලය මේ බව සඳහන් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, චීන තානාපතිවරයා විසින් මූලික රාජ්‍යතාන්ත්‍රික ආචාර ධර්ම උල්ලංඝණය කිරීම පෞද්ගලික ලක්ෂණයක් හෝ සාමාන්‍ය ජාතික ආකල්පයක් පිළිඹිබු කරන්නක් විය හැකි බවයි.

ශ්‍රී ලංකාවේ අසල්වැසියා වන ඉන්දියාව පිළිබඳ ඔහුගේ අදහස් ඔහුගේ ම රට වන චීනය හැසිරෙන ආකාරය අනුව සකස් වී ඇතුවා විය හැකි බව ත් ඉන්දියාව ඊට වඩා බෙහෙවින් වෙනස් බව ත් තමන් ඔහුට සහතික කරන බව ත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කර තිබෙනවා.

විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් බව කියන Yuan Wang 5 නෞකාවේ සංචාරය සඳහා ඔහු විසින් භූ දේශපාලනික සංදර්භයක් ආරෝපණය කරනු ලැබීම මගින් ම එම සංචාරයේ අරමුණ පැහැදිලි⁣ වූ බව ද එම කාර්යාලය සඳහන් කර තිබෙනවා.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, විනිවිද නොපෙනෙන සුළු බව සහ ණය පදනම් කරගත් න්‍යාය පත්‍ර මේ වන විට විශේෂයෙන් ම කුඩා රටවලට විශාල අභියෝගය ක් බව ත් ඒ සම්බන්ධයෙන් වන මෑත කාලීන වර්ධනයන් අනතුරු ඇඟවීමක් බවයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය මිස අනවශ්‍ය පීඩනය හෝ තවත් රටක න්‍යාය පත්‍රයන් ඉටු කරන අනවශ්‍ය මතභේද නොවන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සිය ට්විටර් පණිවිඩය මගින් අවධාරණය කර තිබෙනවා.

Yuan Wang 5 නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං පසුගිය දා ප්‍රකාශ කර තිබුණේ, මේ මස මැද භාගයේදී, චීනය සහ ශ්‍රී ලංකාව තුන්වන පාර්ශ්වයන්ගේ රළු සහ අසාධාරණ ඇඟිලි ගැසීම්වලට මුලුමනින් ම ප්‍රතිරෝධය දැක්වීමත් සමග, චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන Yuan Wang 5″ හම්බන්තොට වරායට සාර්ථකව පැමිණි බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.

චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකාගේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ඒකාබද්ධව ආරක්ෂා කරන බව ත් මෙම ක්‍රියාවලිය සහ ප්‍රතිඵල යන කාරණා දෙක, චීනය සහ ශ්‍රී ලංකවේ ද්විපාර්ශ්වික සබඳතාවල මනා සම්ප්‍රදායක් ද සම්පූර්ණයෙන් පෙන්නුම් කර ඇතැයි චීන තානාපතිවරයා සඳහන් කර තිබුණා.

ඔහු පෙන්වා දී තිබුණේ, වසර 65 කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය වූ දා සිට, චීනය සහ ශ්‍රී ලංකාව සැමවිට ම අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධයෙන්, ගෞරවයෙන් සහ සහයෝගයෙන් කටයුතු කර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: