hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 01, පෙ.ව. 8:43



ඉන්දීය රජයේ ප්‍රධාන නිලධාරීන් සමග සබදතා වැඩිදියුණු කරන පියවර ගෙන ඇති ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පසුගිය 29 වනදා මුම්බායි හි පිහිටි බැංකු මූලස්ථානයේදී ඉන්දීය මහ බැංකුවේ අධිපති ශක්තිකාන්ත දාස් මහතා හමුවී තිබෙනවා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නිල සංචාරයක නිරත මහ කොමසාරිස්වරයා සහ මහ බැංකු අධිපතිවරයා අතර හමුව ඉතා සුහදව පැවැත්වුණු අතර, ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාවයට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ ප්‍රධාන කුළුණක් ලෙස, ඉන්දීය රුපියල භාවිතා කර වෙළඳ ගනුදෙනු ප්‍රසාරණය හරහා ද්විපාර්ශ්වික වෙළඳාම වැඩිදියුණු කිරීමේ අවස්ථා පිළිබඳව මෙහි දී සාකච්ඡා වුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත පුනර්ජීවණය කිරීමේ දී විදුලිය, බලශක්තිය, වරාය, යටිතල පහසුකම්, සංචාරක, තොරතුරු තාක්ෂණ සේවා වැනි ක්ෂේත්‍රවල ඒකාබද්ධ කිරීමට ගත හැකි පියවර තුළින් ඉන්දියාවට කළ හැකි ප්‍රධාන කාර්යභාරය පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

ආර්ථික ස්ථායීකරණ ඉලක්කයේ දී ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය ගැන මහ කොමසාරිස් මොරගොඩ ආණ්ඩුකාර දාස් වෙත සිය ස්තූතිය පුද කළා. මුදල් හුවමාරු කිරීමේ විධිවිධාන සහ ණය ගෙවීම් කල්දැමීම ඉන්දිය මහ බැංකුවේ සෘජු මැදිහත්වීම මත ක්‍රියාත්මක වුණා.

මේ අතර මහ කොමසාරිස් මොරගොඩ මහතා විසින් “ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා ඒකාබද්ධ රාශ්ඨ උපායමාර්ග 2021/2023” යන ප්‍රතිපත්ති මාර්ග සිතියමේ පිටපතක් ආණ්ඩුකාර දාස් මහතා වෙත පිළිගන්වා තිබෙනවා.

හිටපු ඉන්දීය පරිපාලන සේවා නිලධාරියෙකු වන ශක්තිකාන්ත දාස් 2018 දෙසැම්බර් මාසයේ සිට ඉන්දියානු මහ බැංකුවේ ලෙස සේවය කරයි. ඔහු මීට පෙර මූල්‍ය කොමිසමේ සාමාජිකයෙකු වූ අතර ආර්ථික කටයුතු ලේකම්, ආදායම් ලේකම් සහ පොහොර ලේකම් ඇතුළු ඉන්දීය රජයේ විවිධ තනතුරු හොබවා ඇත.