2022 ජූලි 11, පෙ.ව. 9:55
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඉන්දියාව හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට එවන බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා මහ කොමසාරිස් කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි එහි දැක්වෙන්නේ.
එම නිවේදනය පහතින්,
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද ප්‍රකාශය
ඉන්දියාව හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට එවන බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා මහ කොමසාරිස් කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි. මෙම වාර්තා සහ එවන් අදහස් ඉන්දියානු රජයේ ස්ථාවරය නොවේ.
2.ඉන්දියාව සෞභාග්‍යය සහ ප්‍රගතිය උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ වටිනාකම්, ස්ථාපිත ආයතනයන් සහ ව්‍යවස්ථාමය රාමුව හරහා තම අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට ප්‍රයත්න දරන ශ්‍රී ලාංකික ජනතාව සමඟ සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකතුමා ඊයේ දින පැහැදිලිව ප්‍රකාශ කළේය.
කොළඹ
2022 ජූලි 11
2026 ජනවාරි 20, පෙ.ව. 12:33
2026 ජනවාරි 20, පෙ.ව. 12:20
2026 ජනවාරි 20, පෙ.ව. 12:19
2026 ජනවාරි 20, පෙ.ව. 12:16
2026 ජනවාරි 20, පෙ.ව. 12:13