2022 මැයි 22, පෙ.ව. 5:25
ඉන්දියානු ජනතාව විසින් ලබා දෙනු ලබන රුපියල් බිලියන දෙකකට අධික මානුෂීය ආධාර අද (22) මෙරටට ළඟා වීමට නියමිත බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ, එම ආධාර තොගයේ සහල් මෙට්‍රික් ටොන් 9,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 50ක් සහ මෙට්‍රික් ටොන් 25කට අධික ඖෂධ හා වෛද්‍ය සැපයුම් අඩංගු බවයි.
ඒ අනුව, එම ආධාර තොගය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මෙරට බලධාරීන් වෙත ලබා දීමට නියමිතයි.
මැයි 18 වනදා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් මහතා විසින් මෙම ආධාර තොගය චෙන්නායි වරායෙන් මෙරටට පිටත් කර එවන ලද බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබුණා.
තමිල් නාඩු රජය විසින් සහල් මෙට්‍රික් ටොන් 40,000ක්, කිරි පිටි මෙට්‍රික් ටොන් 500ක් සහ ඖෂධ සැපයීම යටතේ පැමිණෙන පළමු තොගය මෙය වන අතර එහි මුළු වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 5.5කට වඩා වැඩි බව එම කාර්යාලය අදාළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
මෙම මානුෂීය ආධාර තොගය මෙරට උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ බස්නාහිර පළාත් ඇතුළුව රට පුරා සිටින ප්‍රතිලාභීන් අතර බෙදා හැරීමට නියමිතයි.
2026 ජනවාරි 24, පෙ.ව. 12:25
2026 ජනවාරි 24, පෙ.ව. 12:17
2026 ජනවාරි 24, පෙ.ව. 12:13
2026 ජනවාරි 24, පෙ.ව. 12:12
2026 ජනවාරි 24, පෙ.ව. 12:06