hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මැයි 26, පෙ.ව. 1:15



මෙරටදී භාවිතයට තහනම් කර තිබෙන, පිළිකා රෝගීන් සඳහා භාවිත කරන එන්නත් යොදාගෙන රූපලාවන්‍ය ව්‍යාපාරයක නියැලුනු පුද්ගලයකු නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි වී තිබෙනවා.

කාන්තාවන් මෙන්ම පිරිමින්ද සම පැහැපැත් කරගැනීම සඳහා විවිධ වර්ගයේ එන්නත් භාවිතය මේ දිනවල බහුලව සිදු කෙරෙනවා.

ඒ සඳහා වැඩි වශයෙන් භාවිත කරන්නේ පිළිකා රෝගීන්ගේ අතුරු ආබාධ සමනය කිරීම සඳහා ලබාදෙන”ග්ලූටාතියන්” නමැති එන්නතක්.

සෞඛ්‍ය අංශ එය මෙරට තුළ භාවිතය තහනම් කර තිබෙනවා.

මෙම එන්නතින් සිදුවන්නේ, සමෙහි මෙලනින් මගින් ඇති කරන වර්ණ නිෂ්පාදනය අවම කිරීමයි.

එවන් පසුබිමක එම එන්නත් විදෙස් රටවලින් මෙරටට ගෙන්වා අලෙවි කරන ජාවාරමක් පිළිබඳව තොරතුරක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වෙත ලැබී තිබුණා.

මෙම ජාවාරම සිදුකරන පුද්ගලයා සිය ෆේස්බුක් හා ටික්ටොක් ගිණුම්වල ද විවිධ රූපරාමු පෙළක් පළකර තිබුණා.