hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මැයි 18, ප.ව. 2:38



IOC සමාගම පෙට්‍රල් සංචිත නිකුත් කරනු ලබන ආකාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන ලිපියේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මේවන විට තොරතුරු වාර්තා වනවා.

එහි සඳහන් කර තිබෙන දුරකතන අංකවලට කතා කර අප කළ විමසීමකදී සඳහන් කළේ එම ඉන්ධන සම්බන්ධ නිකුත් කර ඇති ලිපියේ දැක්වෙන තොරතුරු ව්‍යාජ තොරතුරු බවත් එම ලිපියද ව්‍යාජ ලෙස සකස් කර ඇති බවත්ය.

එම දුරකතන අංක සියල්ල අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසකගේ බවයි එම දුරකතන අංකයකට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයා සඳහන් කළේ.

එම දුරකතන අංක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිය සාමාජික පිරිසකගේ දුරකතන අංක ප්‍රමාණයක් ප්‍රසිද්ධ කර තිබූ බවත් එම අංක මෙම ව්‍යාජ ලිපියට යොදා ගෙන ඇති බවත් ඔහු ඒෂියන් මිරර් කළ විමසීමකදී කියා සිටියා.

ඔහු වැඩිදුරටත් පැවසූවේ මෙය ආණ්ඩුව විසින් නිර්මාණය කළ දෙයක් බවයි.

මේ අතර පරිභෝගියකයින්ට නගර අනුව තම ඉන්ධන අවශ්‍යතා දැනුම් දිය යුතු දුරකතන අංක සඳහන් කර සමාජ මාධ්‍යවල සංසරණය වන ලැයිස්තුව ද ව්‍යාජ බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ලංකා අයි.ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා සඳහන් කරනවා.