hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 12, පෙ.ව. 9:58



වයඹ දිග මුහුදු තීරයට අයත් ඉරණවිල වෙරළ තීරය නැවත වතාවක් දැඩි ලෙස ඛාදනය වන්නට පටන් ගෙන තිබෙනවා.

වයඹ දිග මුහුදු තීරයට අයත් වෙරළ ඛාදනය වීම ආරම්භ වූයේ 1976/77 කාලය තුළදීය.

1991/92 කාලයේදී කොච්චිකඩේ මාඔයේ සිට උතුරු දෙසට වූ වෙරළ තීරයේ ඛාදනය වැඩි වන්නට පටන් ගෙන තිබුණා.

නිරන්තර සිදුවන වෙරළ ඛාදනය වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළු ගල් වැටි යෙදීම සහ වැලි පොම්ප කිරීමද සිදු කළා.

පසුගිය කාල සීමාව තුල පමණක් වෙරළ ඛාදනය වැළැක්වීම සදහා රුපියල් මිලියන 2277.1 ක මුදලක් වැය කර ඇති බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

කොපමණ මුදලක් වැය කළත් වෙරළ ඛාදනය මේ වන තුරු අවසන් වී නැත.

වර්තමානයේ වෙරළ ඛාදනය වෙමින් පවතින ස්ථානය අතර ඛාදනය වැළැක්වීම සදහා ගල් වැටි දෙකක් යොදා ඇති බවක් දක්නට තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවා.

වැඩි වශයෙන්ම ඛාදනය වී ඇත්තේ එම කළු ගල් වැටි ආසන්නයෙන් වීම විශේෂත්වයක්.

ඉරණවිල වෙරළ ඛාදනය හේතුවෙන් මේ වන විට නිවාස 02 ක් සම්පූර්ණයෙන්ම විනශයට පත්ව තිබෙනවා.

පවතින තත්ත්වයට කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු නොකළහොත් හලාවත සිට නයිනමඩම දක්වා මෑතකදී ඉදිකරන ලද කාපට් මාර්ගයටද හානි සිදු විය හැකි බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

පුත්තලම – ජූඩ් සමන්ත