hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 03, ප.ව. 12:52



ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

කැබ් රථයේ වනඅලියෙකු ගැටීමෙන් ඊයේ (02) රාත්‍රී 9.30ට පමණ අනුරාධපුර තලාව මොරගොඩ ප්‍රදේශයේ 7කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුවී තිබුණා.

අනතුරින් ජැක්සන් ඇන්තනී මහතාගේ ගෙලේ අස්ථි දෙකකට සහ පෙනහළුවලට හානි සිදුව ඇති බවයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටි ජැක්සන් ඇන්තනී මහතා වැඩිදුර ප්‍රථිකාර සඳහා පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර එවා තිබුණා.

තුවාල ලැබූවන් අතර ජැක්සන් ඇන්තනී මහතාගේ සොහොයුරා වන සමන් ඇන්තනී මහතාද සිටින අතර ඔහු තවදුරටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශෛල්‍ය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තාවන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: