hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූලි 24, ප.ව. 3:28



යාපනය විශ්වවිද්‍යාලයේ සහ යාපනය පුස්තකාලය අබියසදී කළු ජූලියට විරෝධය පාමින් කළු ජූලි වැඩසටහන් සංවිධානය කොට තිබුණා.

යාපනය විශ්වවිද්‍යාලයේ කළු ජූලිය සැමරුම් ස්මාරකය අසලදී විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විසින් කළු ජූලියට විරෝධය පාමින් මිය ගිය ජනතාව සහිපත් කිරීම සිදු වුණා.

ඊට අමතරව යාපනය විශ්වවිද්‍යාලයේ ස්ථාන කිහිපයකම කළු කොඩි වැල් ඇද තිබූ අතරම මිය ගිය අය වෙනුවෙන් මල්පහන් දල්වා කළු ජූලිය සමරනු ලැබුවා.

මේ අතර යාපනය පුස්තකාලය අබියසදී දෙමළ ජාතික ජනතා පෙරමුණ ඇතුලු පාක්ෂිකයින් පිරිසක් විසින් කළු ජූලිය සැමරීම සිදු කළා.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇතුලු පිරිසක් විසින් 1983 දී පැවති කළු ජූලි සමයේදී මිය ගිය දෙමළ දේශපාලන සිරකරුවන් 53 දෙනා සිහිපත් කල අතර එහිදී මිය ගිය දෙමළ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කල යුතු බවටද සැමරුම් අවස්ථාවට සහභාගී වූවන් විසින් රජයෙන් ඉල්ලා සිටියා.