2022 ඔක්‍තෝබර් 26, ප.ව. 8:20
යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලිස් වසමේ මූලායි ප්‍රදේශයේ නිවසක් මංකොල්ල කෑමට පැමිණි සොරුන් දෙදෙනෙකුට නිවසේම නින්දයාමෙන් පසුව එක් සොරෙකු අද (26) අලුයම් කාලයේදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාරදී තිබෙනවා.
මූලායි ප්‍රදේශයේ පිහිටි අදාල නිවසට ඊයේ (25) රාත්‍රියේ ඇතුලු වූ සොරුන් දෙදෙනෙකු නිවැසියන් නොමැති වීම හේතුවෙන් නිවසේ ආහාර පිස පසුව රූපවාහනිය නරඹමින් ආහාර ගෙන ඇති අවස්ථාවේදී කොල්ලකරුවන් දෙදෙනාටම නින්ද ගොස් තිබෙනවා.
අනතුරුව නිවෙස් හිමිකරු අද (26) අලුයම නිවසට පැමිණෙන අවස්ථාවේදී සොරුන් දෙදෙනා නිවෙස තුල සිටිනු දැක ඒ පිළිබඳව ප්‍රදේශවාසීන්ට දැනුම් දී ප්‍රදේශවාසීන් සමග සොරුන් දෙදෙනා අල්ලා ගැනීමට උත්සහ දරා තිබෙන බව වාර්තා වෙනවා.
අනතුරුව එක් සොරෙකු ප්‍රදේශවාසීන්ගේ ග්‍රහනයෙන් මිදී පලාගොස් ඇති අතර අනෙක් සොරා අල්ලා ඒ පිළිබඳව වඩුක්කොඩ්ඩෙයි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ අල්ලා සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් නිවසට ඇතුලු වූ සොරුන් දෙදෙනා නිවසේ කිසිවක් සොරාගෙන නොමැති අතර ඔවුන්ට ඇති වූ තෙහෙට්ටුව නිසා ආහාර ගැනීමෙන් අනතුරුව නින්ද ගොස් ඇතැයිද පොලීසිය පැවසුවා.
අත්අඩංගුවට ගත් සැකකරු මාර්ගයෙන් පලාගිය සෙසු සැකකරුද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතරම ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද වඩුක්කොඩ්ඩෙයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
2025 මාර්තු 13, ප.ව. 8:43
2025 මාර්තු 13, ප.ව. 4:31
2025 මාර්තු 13, පෙ.ව. 10:51
2025 මාර්තු 13, පෙ.ව. 12:26
2025 මාර්තු 13, පෙ.ව. 12:23