hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 11, ප.ව. 4:57



යාපනය නෙඩුන්තීවු දූපතේ වැසියන් දූපතේ පදිංචිව සිටියද පවතින ආර්ථික අවධානමත් සමගින් දෛනික ආහාර සොයා ගැනීමටද නොහැකිවීම හා දූපතේ ගමනාගමන පහසුකම් නොමැතිවීමත් ඇතුලු ගැටලු කිහිපයක් හේතුවෙන් එහි වැසියන් දූපත හැර වෙනත් ස්තානවලට යාම ආරම්භ කොට තිබෙනවා.

නෙඩුන්තීවු දූපතට මාස තුනකට අධික කාලයක පෙර සිටිම පැවති ස්ථීර බෝට්ටු සේවය නතරවීම හේතුවෙන් එම වැසියන් යාපනය දිස්ත්‍රීක්කයට ඇතුලු වෙනත් දූපත්වලට ගමන්කරනු ලැබුවේ සාමාන්‍ය ධීවර යාත්‍රා උපයෝගි කොටගෙන හේතුවෙන් එම ගමන් දැඩි ජීවිත අවධානමක් පවතින බවටද එම වැසියන් පැවසුවා.

දූපත් වැසියන් විරැකියාවෙන් පෙලීම, වෛද්‍ය පහසුකම් නොමැතිවීම, අධ්‍යාපන පහසුකම් නොමැතිවීම, ගමනාගමන පහසුකම් ඇතුලු කිසිදු යටිතල පහසුකම් නොමැතිවීම හේතුවෙන් එහි වැසියන් මේ වන විටත් යාපනය නගර ආසන්නයට සහ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට සංචරණය වීමට පටන්ගෙන ඇතැයි වාර්තා වෙනවා.

එමෙන්ම ලංකාවේ දැනට පවතින අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අධික ලෙසින් ඉහල යාම හේතුවෙන් දෛනික ආදායමක් හෝ ආර්ථිකයක් නොමැති පවුල් වලට නෙඩුන්තීවු දූපතේ ජීවත්වීම අඩි අපහසුතාවක් වූ අතරම බොහෝ පවුල්වලට ආහාර සොයාගැනීම දැඩි ලෙසින් අපහසු වූ බවටද එහි වැසියන් පවසයි.