hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 20, ප.ව. 1:38



මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මහේස්ත්‍රාත්වරුන්ට දොස් නගමින් අගවිනිසුරුවරයාට ලිපියක් යවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසනවා.

පොලීසිය තහනම් නියෝග ඉල්ලූ පසු මහේස්ත්‍රාත්වරුන් එය ලබා නොදුන් බව පවසා එම ලිපිය යවා ඇති බවයි ඊයේ (19) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

ලේකම්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ගොනු කරන අගවිනිසුරුවරයා නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද මන්ත්‍රීවරයා හෙළිදරව්ව කළා.

මේ අතර නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව නීතිපතිවරයා වෙත යැවිය යුතු ලිපියක් අගවිනිසුරුවරයා වෙත යැවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා අගවිනිසුරුවරයාගෙන් සමාව අයැද තිබෙන බව වාර්තා වනවා.

ඒ, අගවිනිසුරුවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින්.

ඉකුත් මැයි 09 වනදා සිද්ධියට පෙර කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල පැවති විරෝධතා සහ උද්ඝෝෂණ විසුරුවා හැරීමට පොලීසිය අවස්ථා කිහිපයකදී වාරණ නියෝග ඉල්ලා තිබුණද අධිකරණයෙන් ඒවා නොලැබීම හේතුවෙන් ඇතිවූ නොසන්සුන්තා පාලනය කිරීමට නොහැකි වූ බව පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියකින් දන්වා තිබෙනවා.

නිසි ක්‍රමවේදයට අනුව නම් අදාළ ලිපිය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා යොමුකළ යුතු වන්නේ නීතිපතිවරයාට වන අතර නමුත් ඔහු එය යොමුකර තිබුණේ අගවිනිසුරුවරයා වෙතයි.

පසුව තමන් අතින් සිදුවූ වරද අවබෝධ කරගත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා අදාළ සිද්ධියට කණගාටුව පළ කරමින් සහ සමාව අයැදිමින් සිදුවූ අපහසුතාවයට අගවිනිසුරුවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.