hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 28, පෙ.ව. 7:35



මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන ඩග්ලස් නානායක්කාර මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවට නිර්දේශ කෙරෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා.

නානායක්කාර මහතා දැනට මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස ක්‍රියා කරයි.

1983 වසරේ පරිපාලන සේවයට එක්වූ හෙතෙම රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු රැසක් දැරූවෙක්. අමාත්‍යංශ අතිරේක ලේකම්, අමාත්‍යංශ ලේකම් ආදී උසස් පදවි දරා විශ්‍රාම ගත් හෙතෙම පසුගිය ජූලි මස සිට මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස පත් කරනු ලැබුවා.

හිටපු සභාපති ජනක රත්නායක මහතා පාර්ලිමේන්තුව විසින් ඉවත් කිරීමෙන් හටගත් පුරප්පාඩුවට ඩග්ලස් නානායක්කාර මහතා පත් කෙරෙන බවයි වාර්තා වන්නේ.