hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 08, ප.ව. 3:41



ජනාධිපති වී ජනතාව වෙනුවෙන් වැඩ කරන බවත් ජනාධිපතිවරණයට නම් කිහිපයක් පැමිණ ඇති බවත් ඉන් තමාගේ නම ඉදිරියෙන් තිබෙන බවත් හිටපු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් දක්වා සිටියේ තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පැමිණි අවස්ථාවේදීයි.

තමාගේ රැකියාව අහිමි වීමේ ප්‍රතිඵලයක් ලෙස තමා අවසානයේ බලාපොරොත්තු වූ සහනය ජනතාවට ලැබිලා ඇති බවත් සඳහන් කළා.

“මට රනිල්ගෙන්, සජිත්ගෙන් වැඩක් නෑ. මට ඕනේ මහජනතාවගේ කැමැත්ත අරගෙන එන්න. පොදු අපේක්ෂකයා හැටියට නෙමෙයි මම මහජනතාවගේ නියෝජිතයෙක් විදියට. මට පක්ෂයක් ඕනේ ඡන්දෙට යන්න. පක්ෂය ගැන ගැන බයවෙන්න එපා. හැබැයි නායකයෙක් ඕනේ රට පාලනය කරන්න. මේ යන ක්‍රමය හැටියට යන විදියට හරි පාලකයෙක් ඕනේ. අරගලය කිව්වේ 225ම එපා කියලයි 225න් රාජ්‍ය පරිපාලනය දන්න කෙනෙක් කරන්න පුළුවන් කෙනෙක්ට දෙනවා මිස එක දන්නේ නැති අයට දීලා වැඩක් නෑ. මට උපදෙස් දෙන්න වෘත්තිකයෝ ඉන්නවා. මට ඕනේ මහජනතාවගේ කැමැත්ත. මහජනතාවගේ උපදෙස් ගැනීම තමයි මගේ බලාපොරොත්තුව.” යනුවෙන්ද සඳහන් කළා.