hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 23, ප.ව. 10:00



මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව චෝදනා පත්‍රයක් පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව ඔහුට එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එය හෙට දින විවාද කිරීමට නියමිතයි.

මෙවන් පසුබිමක ජනක රත්නායක මහතාව එම ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කෙරෙන පෝස්ටර් ප්‍රදේශ කිහිපයකම අද දක්නට ලැබුණා.

ජනක රත්නායක මහතා අද උදෑසන ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ තමා විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ජනතාව වෙනුවෙන් හඬ නැගීම නිසා රජය තමාට එරෙහිව යෝජනාවක් ගෙන ආ බවයි.

“හෙට තියෙන ඡන්දය පාර්ලිමේන්තුව ඉතාම වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි මේක විශ්වාසභංගයක් නෙවෙයි. මේක ඇත්තටම ස්වාධීන කොමිසමක සිටින ස්වාධීනව වැඩකරන සාමාජිකයෙක් දේශපාලන අධිකාරියට යටත් කරගෙන ඒ අනුව විදුලිය, ජලය, තෙල් පාලනය කිරීමේ උත්සාහයක් තමයි මේක ගන්නේ. මේකේ තියෙන්නේ මේක හරියට වැඩ කරනකොට ස්වාධීන කොමිසමක් ඒ සඳහා දේශපාලන බලය අයුතු ලෙස යොදා ගැනීමේ ක්‍රමවේදයක් තමයි මේක තියෙන්නේ. මේක අනිවාර්යෙන්ම සියලුම දෙසිය විසිපහක් වෙන මන්ත්‍රීවරුන් දේශපාලන උවමනාව මත ගේන මේ යෝජනාව අනිවාර්යෙන් පරාජය කළ යුතුයි.

හෙටින් පස්සේ මම හිතන්නේ නැහැ. මේ මන්ත්‍රීවරු එකතු වෙලා මාව අයින් කරයි කියලා. ඒකට හේතුව තමයි මම හැමවෙලේම පෙනී සිටින්නේ මහජනතාව වෙනුවෙන් සාධාරණ දේකට. අපි හිතනවා නම් එහෙම යුනිවර්සල් පවර් එකක් තියෙනවා කියලා හෙට මාව අයින් වෙන්නේ නැහැ. මම අයින් වුණොත් එහෙම බැරිවෙලාවත් මම දේශපාලන විපක්ෂයටවත්, කිසිම දේශපාලන කඳවුරකට යන්නේ නැහැ. දේශපාලනය කරන්නේ නැතුව රට වෙනස් කරන්න පුලුවන්ද? බෑ. දැන් අපි දන්නවා රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් කරන්න පුළුවන් දේ හැමදේම කරා.

දැන් ඒ රාජ්‍ය නිලධාරියාට අවස්ථාව දෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාව තියෙන්නේ මොකක්ද? මෙන්න මේ රටේ වැටිලා තියෙන තත්වෙන් ගොඩ ගැනීමට හොඳ පුද්ගලයන් අවශ් යයි. ඒකට අවශ්‍ය සහයෝගය ඒ කැපවීම මම කරන්න කැමතියි. මේ ඉල්ලීම එනවා. හුඟාක් වෙලා, හුඟක් ඇවිල්ලා තියෙනවා මට. මම ගියොත් එහෙම පාරේ. ඒ වගේම මම ගියොත් එහෙම එකකට, ඒ වගේම ඒ හම්බවෙන පුද්ගලයන්ගේ එකම ඉල්ලීම. සර්ව ආගමික නායකයන් දැනටමත් මට විශාල වශයෙන් ඉල්ලීම් කරලා තියෙනවා. ඒ වගේම වෘත්තීයවේදීන්, රජයේ සේවකයන් ඔක්කෝම අපි මොන කරන්න කරන්න ඕන කියලා. මම හිතන්නේ ඒ ඒ සඳහා මම කැපවීමට කිසිම ප්‍රශ්නයක් නෑ මට.”