hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 11, පෙ.ව. 8:08



රටේ ජනතාව ආර්ථික අවපාතයකට වැටි සිටින නිසා යලිත් විදුලි බිල වැඩිවිය යුතු නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.

ජනක රත්නායක මහතා ඒ බව ඊයේ (10) කියා සිටියේ නුවරඑලිය කාර්මික විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.

මෙහිදි අදහස් දැක් වු ජනක රත්නායක මහතා කියා සිටියේ,

“විදුලි බිල වැඩිවිම සම්බන්ධයෙන් ලොකු කතිකාවතක් යනවා. මහජන උපයෝගිතා කොමිසම 2010 පස්සේ තමයි තිරණය කරනු ලබන්නේ විදුල බල පනතට අනුව විදුලි බිල අය කිරිම සම්බන්ධයෙන්. විදුලි බල මණ්ඩලයෙන් යෝජනාවක් ආවම ඒ යෝජනාව හරිද කියලා බලලා තමයි මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල වැඩි කරන්නේ. විදුලි බල මණ්ඩලය තුල තියෙන වෘත්තිය සමිති චෝදනා කරනවා මහජන උපයෝගිතා කොමිසම නිසා පසුගිය කාලයේ විදුලි බල මණ්ඩලයට පාඩු සිදු වුණා කියලා. ඒ අමුලික බොරුවක් , 2014 දි දේශපාලන අධිකාරිය මැදිහත් වෙලා 25 % කින් විදුලි බිල අඩු කරා. බිලියන 200 ක් තියෙන ආයතනයකින් 25 % ක් අඩු කරාම වසරකට බිලියන 50 ක් පාඩු සිදු වෙනවා. 2015 සිට මේ දක්වා සිදු වෙලා තියෙන පාඩුවට හේතුව තමයි 25 % කින් විදුලි බිල අඩු කිරිම, 2016 හැරුණු විට විදුලි බල මණ්ඩලය කිසිදු දිනක විදුලි බිල වැඩි කිරිමට මහජන උපයෝගිතා කොමිසමට යෝජනා ඉදිරිපත් කරලා නැහැ. මම සභාපතිවරයා වුණාට පස්සේ තමයි ජනවාරි මස ලිඛිතව දැනුම් දිලා අගොස්තු මස විදුලි බිල වැඩි කලේ.”

“වෘත්තිය සමිති නගන චෝදනාවලට හසු වෙන්න එපා , මහජන උපයෝගිතා කොමිසම හැටියට විදුලි බිල වැඩි කිරිමට හෝ අඩු කිරිමට ගෙන එන යොජනා සාධාරණව බලනවා. තව කට කතාවක් යනවා විදුලි බිල වැඩි කිරිම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය කිසිදු ඉල්ලිමක් කරලා නැහැ මහජන උපයෝගිතා කොමිසමෙන් කියලා. ඉදිරියේදි විදුලි බිල වැඩි කිරිම සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් අපිට ලැබිලා නැහැ. දැනට වැඩි කරලා තියෙන ප්‍රමාණය ප්‍රමාණවත්. මෙම වසරේ විදුලි පරිභෝජනය 12% කින් පමණ අඩුවෙලා තියෙනවා. ජල විදුලියෙන් උපරිම විදුලිය නිෂ්පාදනය කරනවා. ඉන්ධන මගින් නිෂ්පාදනය කරනවා. ලබන අවුරුද්දේ නියගයක් එනවා කියලා විදුලි බල මණ්ඩලයෙන් කියනවා. ඒ අය එහෙම කියන්නේ කිසිද පදනමක් නැතුව. ඒ සදහා අදාල අංශයන්ගෙන් උපදෙස් ගන්න ඕනි. නිසි ක්‍රමවේදයක් නැතුව තමයි මේ අය බිලියන 800 ක් ඕනි කියන්නේ. විදුලි බිල යලිත් වැඩි විය යුතු නැහැ. මොකද ජනතාව ආර්ථික අවපාතය නිසා වැටිලා ඉන්නේ. දැන් කරන්න ඕනි ලැබෙන ආදායම හරියට කලමණාකරණ කරලා විදුලි බල මණ්ඩලය යාවත්කාලින කරන එක. ජනාධිපතිවරයා සභාපතිවරයෙකුට අභියෝග කරන්නේ නැහැ. ඒක ජනාධිපතිවරයෙකුට ගැලපෙන්නේ නැහැ. ඇතැම් දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරයාට වැරදි දත්ත ලබාදිලා තියෙනවා ඒ නිසා තමයි ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරලා තියෙන්නේ.” යනුවෙන් පැවසුවා.