hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 10, ප.ව. 8:20



අග්‍රාමාත්‍යවරයාගේ නිවස ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ ඊයේ (09) පස්වරු 6.00න් පසු කොළඹ ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීමක් සිදු කිරීමට සැලසුම් කර නොතිබූ අතර මෙම විදුලිය විසන්ධි වීම ගැටළු සහගත බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනක රත්නායක මහතා,

“අපි තීරණය කර තිබුණේ ඊයේ තත්ත්වය නිසා 6.00න් පසු විදුලිය විසන්ධ නොකිරීමටයි. ඒ වුණත් අපිට දැනගන්න ලැබුණා තත්ත්වය ඇති වුණු වෙලාවේ දී ප්‍රදේශයේ විදුලි විසන්ධි වීමක් සිදුව තිබෙනවා කියලා. එය සිදු වුණේ කෙසේද කියලා අපි බලනවා. මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද කියලා බලාගන්න දැනට ස්ථානීය පරීක්ෂණයක් තව පැය කිහිපයකින් මහජන උපයෝගීතා කොමිසම සහ විදුලි බල මණ්ඩලය විසින් සිදු කරනු ලබනවා. අපිට දැනට තියෙන තොරතුරු අනුව තේරෙන්නේ විදුලිය විසන්ධි කිරීමක් ඊයේ සවස 6න් පස්සේ සිදු කරන්නේ නෑ කියලා සඳහන් කරල තියන අවස්ථාවක විදුලිය විසන්ධි වුණේ කොහොමද? ඒක එච්චර හොද දෙයක් නෙවෙයි. සිදුවීම ගැන අපි තොරතුරු හොයලා පසුව දැනුම් දෙන්නම්.”