hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 09, ප.ව. 12:11



තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය විදෙස්ගත වීමේ බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙනවා.

ඒ සඳහා අවස්ථා කිහිපයකදීම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වෙනවා.

ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඇයට ඉන්දියාවට යාමට අවශ්‍ය බව පවසමින් ඇගේ නීතිඥවරුන් අධිකරණයෙන් මෙම ඉල්ලීම සිදුකර තිබුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි තීරණය කළේ.

මේ අතර නඩුවේ සැකකාරියක වන ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන විමර්ශන කටයුතුවලට සහාය නොදක්වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනවලට සහාය දක්වන ලෙසට ජානකී සිරිවර්ධන නමැති සැකකාරියට අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා, ඉදිරියේදී විමර්ශන කටයුතුවලට බාධා කරන බවට කරුණු අනාවරණය වුවහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බවද ප්‍රකාශ කළා.